බස් රථයක් කුඹුරකට පෙරළී 12කට තුවාල

මාර් 06, 2021

    බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේ දී සිදුවූ බස් අනතුරකින් මගීන් 12 දෙනෙක් හා රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුර සිදුව ඇත්තේ, අද (06) පෙරවරු 9.00ට පමණ.

    බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුර ලක් තිබේ. බසයේ ‍රෝද දෙකක් ගැලවී විසිවී ඇති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැක පළ කෙරේ.

    අනතුරින් තුවාල ලැබූවන් දෙමෝදර රෝහල සහ බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කරඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News