විනිසුරු 2ක් සමඟ රන්ජන්ගේ දුරකතන සංවාදයක් එළියට (වීඩියෝ)

ජන 08, 2020
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තවත් විනිසුරුවරුන් දෙදෙනෙකු සමඟ කළ බව පැවසෙන දුරකථන සංවාද ඇතුලත් හඬපට මාධ්‍යයට අද නිකුත් කෙරිණ.

    පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි...

    “මේ වෙනකොට මහාධිකරණයෙන් ඔබ්බට ගිහිල්ලා, දැන් හඬ පට දෙකක් ඇවිල්ලා තියෙනවා, අලුත්කඩේ අංක 01 හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහත්මයාගේ සහ රන්ජන් රාමනායක මහත්මා අතර සිදුවන හඬපටයත් ඒ වගේම මේකේ තුන්වන පාර්ශ්වකාරයෙක් හැටියට මැඩම්ව සම්බන්ධ කරගමුයි කියලා කියනවා. අපි දන්නේ නැහැ මේ මැඩම් කියන්නේ කවුද කියලා. අපිට හැඟෙන විදියට දිල්රුක්ෂි ඩයස් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසන් සභාවේ හිටපු සභාපතිනිය විය යුතුයි කියලා අපි අනුමාන කරනවා“ යැයි මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ.

    රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන් දෙදෙනෙකු බවට පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකු සමඟ පැවැත්වූ සංවාදය සම්බන්ධයෙන් “සිංහලේ“ සංවිධානය අධිකරණ සේවා කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අනතුරුව, ඔවුන් රන්ජන් රාමනායක මහතා විනිසුරුවරයෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු සමඟ කළ හඬ පටයක් ද මාධ්‍යයට නිකුත් කෙරිණ.

    රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය බාරයට ගත් දුරකතන සංවාද ඇතුලත් හඬපට මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබිණ. එය අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 20:41

    Latest News