නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුළ අපේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි - පා.ම. සම්බන්ධන්

ජන 08, 2020

    ශ්‍රී ලංකාව තුළ අපනයන ආදායම වැඩි කරගත යුතු යැයි දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසයි.

    එය ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය තුළ ක්‍රියාත්මක විය යුතු යැයි ඔහු කියා සිටි. නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අන්දමට ජනතවට ප්‍රතිලාභ ලැබේ යැයි විශ්වාස කරනවා යැයි ද දෙමළ ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා අවධාරනය කළේය.

    නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අද (8) පාර්ලිමේන්තුවේ දී මේ සඳහන් කළේය.

    නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට ජනතවට ප්‍රතිලාභ ලැබෙයි කියා සිතනවා. තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. ජනතාවට සහන ලැබෙයි කියා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට මේ ආර්ථිකය නඟා සිටුවීම ඉතා වැදගත් දෙයක්. රටට විශාල ණය ප්‍රමාණයක් තිබෙනවා. ආදායම ප්‍රමාණවත් නෑ ණය ගෙවීමට. විශාල වශයෙන් දේශීය හා විදේශීය ආයෝජන අවශ්‍යයි. අපනයනය මුල් කරගත් නිෂ්පාදන අවශ්‍යයි. මුළු රටම මුහුණ පා තිබෙන ගැටලු සමඟිව විසඳාගත යුතුයි. නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුළ අපේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුයි. එකමුතුව කටයුතු කර වැරදි අඩුපාඩු සකස් කර ගත යුතුයි. හැම දේටම වඩා වටින්නේ රටයි. අනාගතය රඳා පවතින්නේ රටේ දියුණුව මතයි. අපි ඒ සහයෝගය ලබාදීමට සූදානම්. යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

    Latest News