රාජපක්‍ෂවරු නිසාවෙන් විපක්‍ෂයට මැතිවරණ බියක්

දෙසැ 07, 2018

    ජනතාවගේ හඬට සවන්දීමට විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ කැමැත්ත පළ කළ යුතු බව, බ්‍රිතාන්‍යයේ ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පවසයි.

    යහපත් දේශපාලනයක නිරත වූයේ නම්, මැතිවරණයකට යාමට බිය නොවිය යුතු බව, එම සංසදය ලන්ඩන් අගනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
    එහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍යයේ ජගත් දේශප්‍රේමි ලාංකික සංසදයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා..


    “ඇයි මේ පරමාධිපත්‍යයට මේ අය මේ තරම් බය. ඡන්දයට යන්න ඇයි බය. තමන් නිවැරදිනම්, තමන් යහපත් දේශපාලනයක් කරානම්, රටට ආදරෙන් හිටියානම්, ජනතාවට ආදරයෙන් හිටියානම්, රටේ සැබෑ සංවර්ධනය දියත් කළා නම්, මොවුන්ට පුලුවන් වෙන්න ඕනේ ජනතාව අතරට යන්න. රටේ ජනතාව ඔප්පු කරලා පෙන්නුවා 2018 පෙබරවාරි 10 වැනිදා පාර්ලිමේන්තුවට නොවෙයි බලය තියෙන්නේ රටේ බහුතර බලය තියෙන්නේ මහින්ද රාජපක්‍ෂවරු කණ්ඩායමට කියලා. මේ නිසා අපි කියනවා ඒ ජනමතය තවමත් එලෙසම තියෙනවා කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍යයට ඉඩ අවස්ථාව සලසා දෙන්න කියලා“. යැයි ඔහු පැවසීය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News