පසුගිය ආණ්ඩුව දූෂණ වසන් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අල්ලස් පිරිනැමිමෙන් - රාජ්‍ය අමාත්‍ය කංචන

ජන 11, 2020

    පසුගිය ආණ්ඩුව වංචා දූෂණ වසන් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන්ට අල්ලස් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    හක්මන, ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

    ආණ්ඩුවේ ඇමතිවරු පිරිසක් පසුගියදා අල්ලස් කොමිසමට ගිය අවස්ථාවේ දී වගකිව යුතු නිලධාරීන් කිසිවෙක් නොසිටි බව ඔහු සඳහන් කර තිබේ. තම මන්ත්‍රි කණ්ඩායම ඉල්ලා සිටි තොරතුරු එහිදි නොලැබුණ බවත් ඔහු කියා සිටියේය. තොරතුරු ලබාදිමට නොහැකි බවත් එම අවස්ථාව වන විට එහි පරිගණක පද්ධතිය බිඳවැටි තිබු බව එක් නිළධාරියෙක් පැවසුවේ යැයි ද කාංචන විජේසේකර මහතා පැවසිය.

    පසුගිය ආණ්ඩුව බලයට පත්විමෙන් පසු අල්ලස් කොමිසමේ ප්‍රධානීන්ට බෙන්ස් රථ හතරක් ලබා දී ඇති බවත් එවාට හාරලක්ෂ පනස්දාහ බැඟින් මාසිකව මුදල් ගෙවා ඇති බවත් ඔහු අවධාරනය කළේය.

    Latest News