එහිදී ඒ දෙසටම ධාවනයවූ කැබ් රථයක් පොලිස් නිලධාරීන් අසළ නවත්වා ලොරි රථයේ ගමන් කරමින් සිටියේ තම පිරිසක් බව ප්‍රකාශ කර තිබෙනවා. එහි ගවයින් ප්‍රවාහනය කරමින් සිටින බව පවසා අල්ලස් වශයෙන් රුපියල් පන්සියයේ නෝට්ටු දෙකක් ලබාදීමටයි උත්සාහ කර තිබෙන්නේ.
ඉන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පළාගිය ලොරි රථය සහ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.