පාසල් පෝෂණ ප්‍රදේශයේ පදිංචිව සිටින සහ රණවිරුවන්ගේ දරුවන් මෙසේ පාසලට ඇතුළත් කර නොගත් බව විරෝධතාකරුවන් ප්‍රකාශ කළේය.
පසුව බකමූණ පොලිසියේ නිලධාරීන් මැදිහත්වී මෙම දරුවන් පස් දෙනාට සහ දෙමව්පියන් පස්දෙනාට විදුහල්පතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාවක් ලබාදුන්නේය. එහි මුරකරු හරහා විදුහල්පතිවරයා දැනුම් දී සිටියේ එම සාකච්ඡාවලට මාධ්‍යවේදීන්ට ඇතුළත් වීමට ඉඩ නොදෙන බවයි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා ද අසාර්ථක වූ බවයි, දෙමව්පියන් ප්‍රකාශ කළේ. එම නිසා තම දරුවන් පාසැලට ඇතුලත් කරගන්නා තුරු මෙම විරෝධතාවය පාසල ඉදිරිපිට පවත්වාගෙන යන බව එහි සිටි දෙමව්පියන් ප්‍රකාශ කළේය.