ප්‍රදේශ කිහිපයට වැසි හෝ තද සුළං

දෙසැ 09, 2018

    නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට නිරිත දෙසින් පැවතීම ඊට හේතුවයි. සබරගමුව පළාතෙත්, කලුතර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් අපර භාගයේ දී හෝ රාත්‍රී කාලයේදී හෝ ගිගුරුම් සහිත වැසි හටගනී. වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

    හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගනී. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News