නාමල්ගේ දුරකතනය පරීක්‍ෂාවට පොලිස් කණ්ඩායමක් හොංකොංවලට

දෙසැ 09, 2018

    දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාරගේ ජංගම දුරකතනයේ මකා දමා ඇති හඬ පට පරීක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රී හොංකොං බලා පිටත්ව ගොස් තිබේ.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය සම්බන්ධයෙන් වූ කුමන්ත්‍රණය පිළිබඳව තොරතුරු නාමල් කුමාර විසින් හෙළි කරනු ලැබිණ. ඒ අනුව ඔහු විසින් මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කෙරිණ. මේ අනුව විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නාමල් කුමාරගේ ජංගම දුරකතනයේ මකා දමා ඇති තොරතුරු ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා අවශ්‍යව ඇත.

    ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂණවරයෙක් සහ රස පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හඬ පට පරීක්ෂාව සඳහා හොංකොං බලා පිටත්ව ගිය කණ්ඩයාමට ඇතුලත්වේ. මෙම හඬ පට පරීක්‍ෂාවට අදාළ ජංගම දුරකතනය ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයක් අනුව රැගෙන ගොස් ඇත.

    ජනපති සහ හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට චෝදනා ලබා සිටින ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 09 දෙසැම්බර් 2018 13:11

    Latest News