අද සිට සතියක් පුරා ජාතික ධජය ඔසවා තබන්න

පෙබ 01, 2020

    72 වැනි ජාතික නිදහස් සමරුව නිමිත්තෙන් අද සිට සතියක් පුරා සියළුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගොඩනැගිල්ලකම ජාතික ධජය ඔසවා තබන ලෙස, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ලබන 3 සහ 4 දිනවල සියළු රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් සරසන ලෙස ද අමාත්‍යාංශය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. මෙවර නිදහස් දින උළෙලේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාලිය සඳහා නිලධාරීන් 7,267 දෙනෙකු සහභාගි වීමට නියමිතයි. සංස්කෘතික කණ්ඩායම්වල ශිල්පීන් 451 දෙනෙකු ඊට එක්වනු ඇත. තානාපති නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් දෙදහසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතයි. දහසක පමණ පිරිසකට ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා භූමියේ සිට පෙළපාලිය නැරඹීමට අවස්ථාව සළසා ඇති බව ද අමාත්‍යාංශය පවසයි.

    Latest News