“කොරෝනා“ සුවය ලැබූ චීන ජාතික කත පිළිබඳ තවදුරටත් පසු විපරම්; සෞඛ්‍ය අමාත්‍යාංශය

පෙබ 03, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ චීන ජාතික කාන්තාව පිළිබඳ තවදුරටත් පසු විපරම් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    කෙසේ වුවද, ඇය හැර වෛරසය ආසාදනය වූ කිසිවෙකු මෙතෙක් හමුවී නොමැත. වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 20 දෙනෙක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්‍ෂණ සිදු කෙරේ. ඔවුන් කොළඹ බෝවන රෝග විද්‍යායතනයේ සහ තවත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි. කෙසේ වෙතත්, රෝගය පැතිර යාමේ අවදානම අවම කිරීමට සහ යම් ආකාරයකින් එය පැතිරුණහොත්, පාලනය කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරයාම වැළැක්වීමට රජය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. අද පැවති මාධ්‍ය හමුවකදී වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට රැගෙන ආ ගුවන් කාර්ය මණ්ඩලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ප්‍රදාසය පළ කළේය. වූහාන් සිට පැමිණි 33 දෙනා, යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සෞඛ්‍ය අංශ පවසයි.

    මේ වනවිට චීනයේ සිටි ශ්‍රී ලාංකිකයන් 717 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව, චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ. යෝගනාදන් මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 04 පෙබරවාරි 2020 07:37

    Latest News