ජනපති ප්‍රධානත්වයෙන් නිදහස් දින සැමරුම ඇරඹේ (සජීව විකාශය)

පෙබ 04, 2020
  • 72 වන අභිමානවත් නිදහස සැමරීම නිමිත්තෙන් ජාතික දින සැමරුම් උළෙල මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත් වේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික දින සැමරුම් උළෙල ආරම්භ විය. ජාතික ධජය එසවීමෙන් අනතුරුව, ජනාධිපතිතුමා වෙනුවෙන් සම්මාන වෙඩිමුර පැවැත්වෙනු ලැබීය.

    ත්‍රිවිධ හමුදා භටයින් ඇතුළු 7,000කට අධික පිරිසක් සහභාගි වන පෙළපාලියක් ද උත්සවයට ඇතුළත්. යුද හමුදාවේ 3,376ක්, නාවික හමුදාවේ 799ක්, ගුවන් හමුදාවේ 847ක්, ශ්‍රී ලංකා පොලිසියේ 596ක්, විශේෂ කාර්ය බලකායේ 327ක්, මෙන්ම සිවිල් ආරක්‍ෂක බලකායේ 385 දෙනෙකු ඊට එක්වනු ඇත. ජාතික ශිෂ්‍ය භට බලකායේ 252ක්, සංස්කෘතික හා නර්තන ශිල්පීන් 475 දෙනෙක් ද සැමරුම් උත්සවයට සහභාගිවීමට නියමිතයි.

    පෙළපාලියට සමගාමීව යුද හමුදාවේ සන්නද්ධ රථ 72ක් ගමන් ගන්නා අතර, ගුවන් හමුදාවේ යානා සමූහයක් ද මේ සඳහා යොදා ගැනීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 04 පෙබරවාරි 2020 09:17

    Latest News