UNP ප්‍රමුඛ නව සන්ධානයේ ලේකම් ධූරයට රංජිත් මද්දුම බණ්ඩාර

පෙබ 05, 2020

    එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පක්‍ෂ කිහිපයක් එක්ව නව සන්ධානයක් පිහිටුවීමට නියමිතයි.

    එහි ලේකම් ධූරයට රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අනුමත කර තිබේ. සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ඇති බලතල අනුව රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම යෝජනා කර ඇති බව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. මේ අතර මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අනුමත කළ ද එය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ද අනුමත විය යුතු බවයි.

    “සජිත් ප්‍රේමදාස මහත්තයාට සන්ධානයේ නායකයා වශයෙන් ඔහුට තියෙන අභිමතය මහලේකම් පත්කිරීම. ඒ නිසා ඒ අනුව ඔහු රංජිත් මද්දුම බණ්ඩාර මහතා මහලේකම්වරයා හැටියට පත්කරලා තියෙනවා. ඔහු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හතර දෙනෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරලා තියෙන නිසා කෘත්‍යාධිකාරී මණ්ඩලයට යාම පිලිබඳව තවමත් එකඟත්වයක් නැහැ. ඒ හතර දෙනා නැවත කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කිරීම පිළිබඳව සාකච්ජා කරලා ඒ එකඟතාවය අනුව තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලයට යනවද? නැද්ද කියලා තීන්දු කරන්නේ යැයි තිස්ස අත්තනායක මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා...

    එ.ජා.ප. නායකත්වය ගැන කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයට එතුමාට තියාගන්න කියනවා එතුමා මැරෙනකම්. අපි ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සන්ධානයෙන්. සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා. ලේකම් පත්කරලා තියෙනවා රංජිත් බද්දුමබණ්ඩාර මහතා. ඊළඟ නාම යෝජනා අත්සන් කරන්නේ රංජිත් බද්දුමබණ්ඩාර මහතා සන්ධානයෙන්“ යැයි අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    Latest News