ආහාර අලෙවිසැල් රැසකට සීල් - හිමිකරුවන්ට නඩු

දෙසැ 11, 2018

    ජාතික ආහාර සුරක්ෂිතතා සතිය තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආපන ශාලා සොයා වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මකයි.

    ඊයේ ආරම්භ වූ සතිය ලබන 16 දක්වා ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික ආහාර සුරක්ෂිතතා සතිය ප්‍රකාශයට පත් කරන ලදී. පරිභෝජනයට ගන්නා ආහාරවලින් කිසිඳු හානියක් හෝ රෝගයක් ඇති නොවන බවට තහවුරු කිරීම ආහාර සුරක්ෂිතතාවයයි. එම වගකීම සෞඛ්‍ය බලධාරීන්ට හා ආහාර පරිහරණය ආයතනවලට ද පැවරෙන්නෙකි. කාත්තන්කුඩි නගරයේ ආහාර අලෙවිසැල් සහ ආපනශාලා පරීක්ෂාව ඊයේ සිදු කෙරිණ.

    පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන රැසකට සීල් තැබීමට සහ වෙළෙඳසැල් හිමිකරුවන් තිදෙනෙකුට නඩු පැවරීමට ද පියවර ගැනිණ. කල් ඉකුත් වූ තවත් ආහාර තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගන්නා ලදී.

    Latest News