හෙරෝයින් ජාවාරමේ සැකකරුවන් රිමාන්ඩ් භාරයට

දෙසැ 12, 2018

    බේරුවලදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට පොලිස් රැඳවුම් භාරයේ පසුවු සැකකරුවන් දෙදෙනෙකු ලබන 20 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණ.

    මෙම සැකකරුවන් දෙදෙනා අද දහවල් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කෙරිණි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන අතර ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසයි.

    එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 20 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කලේය. එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියම කෙරිණ

    Last modified on බදාදා, 12 දෙසැම්බර් 2018 20:36

    Latest News