දියේ ගිලෙමින් සිටි කත බේරා ගැනේ

පෙබ 19, 2020

    තිරුක්කොවිල්, සංගමම්ග්‍රාමම් මුහුදු තීරයේ ගිලෙමින් සිටි කාන්තාවකගේ නාවික හමුදාව විසින් දිවි බේරා ගෙන තිබේ.

    මෙම කාන්තාව සැඩ පහරට හසුවී දියේ ගසාගෙන ගොස් ඇත. එහිදී එම වෙරළ තීරයේ වෙරළ පිරිසිඳු කිරීමේ කටයුතු වල නිරතව සිටි නාවිකයින් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගෙන ගොඩබිම වෙත රැගෙන විත් වැඩිදුර ප්‍රථිකාර සඳහා තිරුක්කෝවිල් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

    කාන්තාව වයස අවුරුදු 68ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියක්.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 08:05

    Latest News