වතු පාසල් සංවර්ධනයට ඉන්දියානු ආධාර

පෙබ 21, 2020

    මෙරට වතු පාසැල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉන්දියාවේ සහය ලැබී තිබේ.

    ඒ සඳහා වූ ගිවිසුමට ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් විනෝද් කේ. ජාකොබ් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද යන මහත්වරුන් ඊයේ (20) අත්සන් තැබිණි. මේ යටතේ පාසල් නවයක් (9) ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර ඊට ශ්‍රී ලංකා රුපියල් මිලියන තුන්සීයයක් වැය කිරීමට නියමිතය.

    indian-aid.jpg

    ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා දිවයින පුරා පිහිටි අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබේ. උතුරු පළාත තුළ නව පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම මේ යටතේ සිදු කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාලයක් සතු විශාලතම ශ්‍රවණාගාරය රුහුණු සරසවියට ලබා දීම ඇතුළ තවත් සංවර්ධන කටයුතු ඉන්දියානු රජය විසින් සිදු කර තිබේ. මීට අමතරව උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා ශිෂ්‍යත්ව 750ක් ලබා දීමට කටයුතු කර ඇත.

    ඉන්දියානු රජය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා අදියර කිහිපයක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලබා දී තිබේ. ඉන් ඇ.ඩො. මිලියන 560ක් ප්‍රදානයන් ලෙස ලබා දීම විශේෂත්වයකි.

    Latest News