මුහුදෙහි ගසාගෙන ගිය එංගලන්ත ජාතිකයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගනියි

පෙබ 21, 2020

    තංගල්ල මැඩිල්ල මුහුදු තීරයේදී දිය රළකට හසුව ගසාගෙන ගිය එංගලන්ත ජාතිකයකු බේරාගැනීමට තංගල්ල කොට්ඨාස ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු ඊයේ(20) සමත් වී තිබේ.

    මෙලෙස බේරාගෙන ඇත්තේ එංගලන්ත ජාතික සී.ටිම් (71) නම් අයෙකි. තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින අතරතුර මැඩිල්ල මුහුදු තීරයේ දින නෑමට ගොස් සිටියදී ඊයේ පස්වරු 5.30ට පමණ මොහු අනතුරට මුහුණපා තිබිණ. ප්‍රදේශය අවට මුහුදේ තිබූ රළු ස්වභාවය හේතුවෙන් මෙම විදෙස් ජාතිකයා ගසාගෙන යනු දුටු ඔහුගේ බිරිඳ කෑ ගසා උදව් ඉල්ලා ඇත. සංචාරකයන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු මොවුන් දැක ක්ෂණිකව ඉදිරිපත් වී ඔහු බේරාගැනීමට සමත් වූහ.

    තමාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ටිම් මහතා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ට තම ස්තූතිය පුද කළේය. තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය මහතා යටතේ පාලනය තංගල්ල කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක සහ පිහිනුම් ඒකකයේ ස්ථානාධිපති හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරී පිහිනුම් සහ ජීවිතාරක්ෂක උපදේශකපොලිස් සැරයන් නිමල් දිසානායක (56291) පොලිස් කොස්තාපල්වරුන් වන කිත්සිරි(63689), විදුරංග (86381) සහ දිනූෂ්(72913) යන නිලධාරීහු විදේශිකයා බේරාගත්හ.

    Latest News