අවුරුද්දට එක දවසක් වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු ඉන්නවා; එවැනි අය පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ; යැයි ආශු මාරසිංහ

පෙබ 21, 2020

    වසරකදී එක් වරක්වත් පාර්ලිමේන්තුව අමතා නැති මන්ත්‍රීවරුන් සිටින බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. විපක්‍ෂ නායක කාර්යාලයේ දී අද (21) මාධ්‍ය හමුව පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ ආශ්‍ර මාරසිංහ මහතා...

    “පාර්ලිමේන්තුවේ 20 දෙනෙක් හොයාගන්න බැරිවුණාම කවුරු හරි ඝන පූර්ණය නැහැ කිව්වහම පාර්ලිමේන්තුව කල් තබනවා. එතකොට යන වියදම කොච්චරද කියලා ජනතාව ගණනය කළා. ඒ නිසා පාර්ලිමේන්තුවේ රැදී සිටිමින් ජනතාවගේ ප්‍රශ්න සාකච්ජා කරන්න. වාද-විවාද කරන්න, ජනතාවගේ අදහස් ඉදිරිපත් කරන්න, ඒ වගේම අලුතින් පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති සම්පාදනය කරන්න, එවැනි තැනට ගැලපෙන මන්ත්‍රීවරු පත්කර එවන්න. මේ අවුරුදු හතර හමාරට දවස් හතරක් කතා කරපු නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේකේ ඉන්නවා. අවුරුද්දට එක දවසක් වචනයක් කතා නොකරපු මන්ත්‍රීවරු ඉන්නවා මේකේ ඇතුලේ. එවැනි අය පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ.“ යැයි ආශු මාරසිංහ මහතා පැවසීය.

    විජයපාල හෙට්ටිආරච්චි මහතා...

    අප්‍රේල් මාසයේ පැවැත්වෙන මැතිවරණයට මුහුණ දෙන්න අපි සියලු සංවිධාන මේ වෙනකොට කරමින් යනවා. පුංචි ගැටලුවක් තිබුණා. දෙපාර්ශවයේ තිබෙන ඇතැම් අයගේ මති මතාන්තර නියම ලකුණ මොකක්ද කියලා තෝරගන්න. අපි පැහැදිලිව කියන්නේ අලියා ලකුණෙන් තරග කරන්න ඕනේ කියලා“ යැයි විජයපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    Latest News