මාතර-බරවකුඹුක පළමු හා දෙවැනි අදියර ලබන 23 ජනතා අයිතියට

පෙබ 21, 2020

    දක්‍ෂිණ අධිවේගී මාර්ග දිගුවේ මාතර සිට බරවකුඹුක දක්වා වන පළමු හා දෙවැනි අදියර ලබන 23 වැනිදා ජනතා අයිතියට පත් කෙරේ.

    මේ සමඟ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල සහ මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල යාවෙන අධිවේගී මාර්ග පද්ධතියක් බිහිවනු ඇත. මෙතෙක් මාතර ගොඩගම පිහිටි අධිවේගී මාර්ගයේ නිල්වලා පිවිසුම ලබන 23 වැනිදායින් පසු ගොඩගම පාලටුව අන්තර් හුවමාරුව ලෙස වෙනස් වීමට නියමිතයි. එහි සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර 30ක දුරක් පළමු අදියර යටතේ ඉදි කෙරිණ.

    ගොඩගම පාලටුව අන්තර් හුවමාරුවට පසු අපරැක්ක අන්තර් හුවමාරුව ඉදිකර තිබේ. එම ස්ථානයෙන් මාතර කැකනදුර හා යටියන ප්‍රදේශ වෙත පිවිසිය හැක. අධිවේගී මාර්ග දිගුවේ පළමු අදියර ඉදිකර තිබෙන්නේ, සංවේදී පරිසර කලාප කිහිපයක් ඔස්සේයි. නිල්වලා ගඟ දෙපස මිටියාවත හා කිරළ කැලේ ප්‍රදේශය වැසි සමයේදී නිරන්තර ගංවතුර තර්ජනයට ලක්වන බැවින් ඊට බාධාවක් නොවන පරිදි මාර්ගය කුළුණු මතින් ඉදිකර තිබේ. එලෙස කුණුළු මතින් ඉදිවූ පාලමේ දිග කිලෝ මීටර 10කට අධිකයි. එය මෙම මාර්ගයේ දිගින් වැඩිම පාලම ද වේ. එමෙන්ම දන්දෙණිය, අපරැක්ක රක්‍ෂිතය ද ඉහළ ජෛව විවිධත්වයකින් හෙබි පරිසර කලාපයක් ලෙස සැලකේ.

    Sourtheran px 900 21 02 20

    ඒ ඔස්සේ මාර්ගය ඉදිකිරීමේදී කැපීමට සිදුවූ සෑම ගසක් වෙනුවෙන්ම පැළ සියය බැගින් සිටුවීමට පියවර ගැණින. බෙලිඅත්ත අන්තර් හුවමාරුව ඔස්සේ තංගල්ල, වලස්මුල්ල යනාදී ප්‍රදේශවලට ප්‍රවේශ විය හැක. මාර්ගයේ දෙවැනි අදියර ලෙස ඉදි කෙරුණේ, බෙලිඅත්ත සිට බරවාකුඹුක දක්වා කිලෝ මීටර 26ක කොටසයි. එය කසාගල සහ අඟුණකොලපැලැස්ස යන අන්තර් හුවමාරුවලින් සමන්විත වේ. කසාගල හුවමාරුවෙන් රන්න සහ වීරකැටිය ප්‍ර දේශවලට ප්‍රවේශය සැලසේ.

    අඟුණකොළපැලැස්ස අන්තර් හුවමාරුවෙන් හුංගම සහ මිද්දෙණිය ප්‍රදේශවලට පහසුවෙන් ළඟා විය හැක. මාර්ග දිගුවේ දෙවන අදියරේ අවසානය වන බරවකුඹක අන්තර් හුවමාරුවෙන් ඇඹිලිපිටිය, නෝනාගම ප්‍රධාන මාර්ගයට පිවිසීමේ හැකියාව ලැබෙනු ඇත. අධිවේගී මාර්ග දිගුවේ බරවකුඹුක සිට සූරියවැව, මත්තල සහ හම්බන්තොට දක්වු වූ තුන්වැනි හා හතරවැනි අදියර ඉකුත් වසරේ විවෘත කෙරිණ. මෙම කොටස විවෘත කිරීමෙන් පසු කොට්ටාව මාකුඹුරේ සිට පැය 31/2ක පමණ කාලයකින් කතරගමට ළඟාවිය හැකියි.

    Last modified on සිකුරාදා, 21 පෙබරවාරි 2020 19:17

    Latest News