අධිකරණයේ වැඩ තහනම් වු මහින්ද ඉල්ලා අස්වීමක් නැහැ

දෙසැ 15, 2018

    පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වූ අධිකරණයෙන් වැඩ තහනමට ලක්වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට අගමැතිධූරයක් නොතිබූ බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

    රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමේ සටතුට අද අපිට බුක්ති විදීමට හැකියාව ලැබී ඇති බවත් ඔහු කියා සිටියි.

    මනුෂ නානායක්කාර මහතා - “ අද ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමේ සටතුට අද අපිට බුක්ති විදීමට හැකියාව ලැබී තිබෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධීව, රස්තියාදුකාර විදියට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මාස එකහමාරක නාඩගම අවසන් වෙමින් තිබෙනවා. මේ නාඩගම නතර කිරීමට හැරවුම් ලක්ෂය බවට පත්වූ කෙනා විදියට, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රැල්ල අනික් පැත්තට හැරවීමට මූලිකවූ කෙනා විදියට තමයි අද මම කතා කරන්නේ. සමහර මන්ත්‍රීවරු සල්ලි මිටි පෙන්වද්දී එක්සත් ජාතික පක්ෂය දාල යද්දී ප්‍රජාතන්ත්‍රවාදය පැත්තට කිසිම කෙනෙක් එන්නේ නැතිව සිටියදී සියලු වරප්‍රසාද පැත්තකට දාලා, මම තනියම තීන්දුවක් ගත්තා. එදා මම ගත්ත තීන්දුව නිවරදි බව අද රටේ ජනතාව වගේම අධිකරණයත් පෙන්නුම් කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීම සදහා මම එදා මම හෘදය සාක්ෂියට අනුව ගනිපු තීන්දුව අද වන විට නිවරදී වී තිබෙනවා.

    පාර්ලිමේන්තුවේ 113 හදාගන්න සල්ලි මිටි පෙන්නුවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් හදාගන්න බැරිවෙනකොට පාර්ලිමේන්තුව කල් දැම්මා. පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට නැති බව පේනකොට පාර්ලිමේන්තුවේ යකා නැටුවා. කතානායකවරයාගේ පුටුවට වතුර වත් කළා. පොලිස් නිලධාරීන්ට පහරදුන්නා. පාර්ලිමේන්තුවේ දේපල විනාශ කළා. ඒ හැම දෙයක්ම කරලා පාර්ලිමේන්තුව කඩා කප්පල් කළා. මේ වෙලාවේ අපි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මුලින්ම හඩින් ගත්තා. ඉන් පසුව විද්‍යුත් ක්‍රමයට ගත්තා. පාර්ලිමේන්තුව විසුරවාහැරීම නීත්‍යානුකූල නොවන බව අධිකරණය තීන්දු කළා. වැඩ තහනම ඉවත් කරන්න කියලා මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒක කල් දැම්මා.

    පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වූ අගමැතිවරයා, අධිකරණයෙන් වැඩ තහනමට ලක්වූ අගමැතිවරයා දැන් ඉල්ලා අස්වුනා. මේ අගමැතිවරයා මොකෙන්ද ඉල්ලා අස්වුනේ. මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්න අගමැතිධූරයක් තිබුණේ නෑ. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් වගේම අධිකරණයෙනුත් ඔහු ඉල්ලා අස්කරලා ඉවරයැයි ඔහු කියා සිටියේය.

    Latest News