ගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට (16) දක්වා ධීවර, නාවික කටයුතුවලින් වළකින්න

දෙසැ 15, 2018

    නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාද, ඉන් පසු 24 පැය තුල චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ද තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එය උතුරු දිශාවට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙහි අවදානම පවතින බැවින් පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට දක්වා ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

    ඉදිරි කාලසීමාවේ පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළඟේ වේගය ක්‍ෂණිකව පැයට කිලෝ මීටර 70ත්-80ත් පමණ දක්වා ඉහළ යා හැකිය. එම මුහුදු ප්‍රදේශ ක්‍ෂණිකව රළු වීමේ වැඩි හැකියාවක් පවතී.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News