28 හැවිරිදි සැකකරු ගිනිබිසව් රාජ්‍යයේ සිට අද දහවල් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ. ඔහු සන්තකයේ තිබී කොකේන් කිලෝ දෙකක් සොයා ගත් බව, රේගු නිලධාරීහු පවසති. ඔහු ව්‍යාපාරිකයෙකු වන අතර, කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඇසුරුම් හතරක් ලෙස සකස් කර සිය ගමන් මල්ලේ සුක්ෂම ලෙස සඟවා පැමිණ සිටියදී සොය ගනු ලැබීය.
වැටලීම කරන ලද්දේ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසිනි. සැකකරු රඳවාගෙන මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...