අද සිට පොදු ප්‍රවාහන සේවා විෂබීජ හරණයට

මාර් 14, 2020

     අද සිට පොදු ප්‍රවාහන සේවා විෂබීජ හරණයට ලක් කිරිමට ද තීරණය කර තිබේ. ඒ සඳහා ආරක්ෂක අංශ සහය කරගනු ඇති.

    ජනවාරි මාසයේ සිට රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් කොරෝනා වෛරසය රට තුළට පැමිණීම වළක්වා ගැනීමට හැකි විය. වෛරසය පැතිර ගිය රටවල් සමග සසඳන විට රෝගය මර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.

    ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමට උපරිමයෙන් සියලු පියවර ගන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාවකදී.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 12:38

    Latest News