බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැක. සබරගමුව පළාතෙත් කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.50 වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.
මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසානදිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. මන්නාරම සිට පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා ඉහළ යාහැක. මන්නාරම සිට පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැක.