අමෙරිකාව ද ජනතාවට නියෝග කර ඇත්තේ ඉදිරි දින 15 තුළ දස දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස්වීමෙන් වළකින ලෙසයි. ඉරානය ද කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා එරට ජනතාවට හැකි සෑම විටම නිවස තුළට වී සිටින ලෙසට උපදෙස් ලබා දී තිබේ. මේ වන විට අප්රිකානු කලාපයෙන් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වීම සීඝ්ර ලෙස ඉහළ යමින් පවතියි. මේ වන විට අප්රිකානු රටවල් 26කින් රෝගීන් වාර්තා වී තිබේ.