කොරෝනා ප්‍රතිකාර ශක්තිමත් කිරීමට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (වීඩියෝ)

මාර් 21, 2020
  • කොරෝනා වෛරසය මැඩලීමට අදාළ ප්‍රතිකාර ශක්තිමත් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ඊයේ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කළේය. වටිනාකම රුපියල් කෝටි 11කට ආසන්නයි.

    වෛද්‍ය උපකරණ ප්‍රදානය සිදු කෙරුණේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රිෂායා පෙන්ඩ්සේ මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත උපකරණ තොගය බාර දෙනු ලැබීය. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් වික්ටෝරියා කෝක්ලේ මහත්මිය ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 17:54

    Latest News