ප්‍රජාතන්ත්‍රවාදීව විසඳුන දේශපාලන අර්බුදයට යුරෝපා සංගමයෙන් ප්‍රසාදය

දෙසැ 17, 2018

    උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම පිළිබඳව යුරෝපා සංගමය සිය ප්‍රසාදය පළ කරයි.

    යුරෝපා සංගමය නිකුත් කළ ඒකබද්ධ නිවේදනයක මේ බව දැක්වේ. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නේවාසික තානාපතිවරුන් හා නෝර්වේ තානාපතිවරුන්ගේ එකඟතාවයෙන් අදාළ නිවේදනය අද නිකුත් කර තිබේ.

    දේශපාලන අර්බුදයට සාමකාමී විසඳුමක් ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ ස්ථීර මිත්‍රත්වය තහවුරු කිරීමට හේතු වන බව, යුරෝපා සංගමය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රික ආයතනයන්හි ස්වාධීනත්වය පිළිබඳ ගරු කරන බව ද, නිවේදනයේ දැක්වෙයි. ජාතික ප්‍රතිසන්ධානය සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා උත්සහයන්ට අඛණ්ඩව සහය ලබා දෙන බව ද එම සංගමය, අවධාරණය කරයි.

    මේ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික හා ව්‍යවස්ථාදායක ආචාර ධර්මයන්ට ගරු කරමින් සිදුවූ දේශපාලන පරිවර්තනය පිළිගන්නා බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

    මෙරට අමෙරිකානු තානාපතිවරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්දීය ශාන්තිකර කලාපයේ ශ්‍රී ලංකාව වටිනා හවුල්කරුවෙකු බවයි.  ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සබඳතා තවදුරටත් අඛන්ඩව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව, අමෙරිකානු තානාපතිවරිය කියා සිටියාය.

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 15:13

    Latest News