"පේතායි" නිසා ලංකාවට රු.මිලියන 10ක්

දෙසැ 17, 2018

    ඉන්දියාවට බලපෑ පේතායි සුළි කුණාටුව හේතුවෙන් ඉන්දීය ගුවන් සීමාව ඔස්සේ පියාසර කරනු ලබන ගුවන් යානා විශාල සංඛ්‍යාවක් මෙරට ගුවන් සීමාව ඔස්සේ පියාසර කිරීමෙන් විශාල අදායමක් ලැබී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    ශ්‍රී ලංකා ගුවන් සීමාව ඔස්සේ පියාසර කළ වැඩිම ගුවන් යානා සංඛ්‍යාව අද උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුල වාර්තා වි තිබේ.

    මෙම කාලසීමාව තුල ගුවන් යානා 220ක් පමණ මෙරට ගුවන් සීමාව ඔස්සේ පියාසර කර තිබෙන අතර එමගින් රජය ලද අආදායම රුපියල් මිලියන 10ක් පමණවේ.
    මීට පෙර ගජන් සුළි කුණාටුව හේතුවෙන් නොවැම්බර් මස 14 වැනි දා ගුවන් යානා 200ක් මෙරට ගුවන් සීමාව ඔස්සේ ගමන් කර තිබුණි.

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 14:48

    Latest News