කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00 තෙක් ක්‍රියාත්මකයි. එම දිස්ත්‍රික්කවලට හෙට පස්වරු 2.00 සිට යළි ඇඳිරිනීතිය පැනවීමට නියමිතයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක 8 හැර අනෙකුත් දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට රජය සියලු පියවර ගෙන තිබේ. ඇඳිරිනීතිය අවසන් වූ වහාම සෙසු දිස්ත්‍රික්කවලට ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි, රජය පවසයි.
ලංකා සතොස සිය තොග අලෙවිසැල්වලින් අත්‍යවශ්‍ය භාණ්ඩ සිල්ලර අලෙවිසැල් ජාලා වෙත බෙදා හැරීම පසුගිය දින දෙකේ දී සිදු කෙරිණ.