රනිල් හා මෛත්‍රී අරලියගහ මැදුරෙන් පිටවෙයි

දෙසැ 17, 2018

    පස් වැනි වතාවටත් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසු අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය බව වාර්තා වෙයි.

    ඒ ඔහුට අයත් කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසටයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ පසු මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ඊයේ (16) දහවල් අරලියහග මන්දිරයෙන් පිටත්ව ඇත.

    ඔක්තෝබර් 26 වැනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු දින 50ක් අරලියගහ මන්දිරයේ රැඳී සිටිමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ඒකරාශී කිරීමේ කේන්ද්‍රස්ථානය බවට අරලියගහ මන්දිරය පත්කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එහි රැඳී සිටීමට තීරණය කළ අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මුළු කාලය තුලම එහි ගත කළ බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ.

    යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ ජාතික රජය 2015 ජනවාරි 08 වැනි දා පිහිටුවීමෙන් පසු ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලය තුළ දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරයේ ගත කර තිබුණේ දින දෙකක් පමණි.

    Last modified on සදුදා, 17 දෙසැම්බර් 2018 17:15

    Latest News