ගිරිඋල්ල පොලිසිය විසින් මෙහෙයුම ක්රියාත්මක කරනු ලැබීය. ස්පීතු බෝතල් 1500ක්, ගෝඩා ඩ්රෑම් 64,800ක්, ගෑස් සිලින්ඩර් 32ක්, බැරල් 30ක් සහ දඟර 03ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට එම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.
මෙම මත්පැන් ජා-ඇල, වත්තල, කොච්චිකඩේ යන ප්ර දේශවලට තොග වශයෙන් බෙදා හැර තිබේ. දිවයිනේ සියලු සුරාසැල් වසා ඇති අවස්ථාවක විශාල වශයෙන් මෙම නීති විරෝධි මත්පැන් බෙදාහැරීමට සැලසුම් කර තිබිණ. සැකකරුවන් අද කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.