කොරෝනා හෙවත් COVID-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉල්ලා සිටී.
බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටවලට COVID-19 සමාජ දුරස්ථතා, මහජනසෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ පද්ධති කළමනාකරණය සඳහා මේ සහනය උපකාරී වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.