යුද හමුදාපතිවරයා පැවසුවේ, අද දින සිට පොලීසියට සහය වීම සඳහා ත්‍රිවිද හමුදාව ද යෙදවීමට තීරණය කළ බවයි.
එමෙන්ම ඇඳිරි නීති සමයේ නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට එරෙහිව පොලීසිය උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තවද යුද හමුදාපතිවරයා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේ, මෙම අවස්ථාවේ ස්වයං විනයක් ඇතිව කටයුතු කරන ලෙසයි.