රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයෙන් අට වැදෑරුම් වැඩපිළිවෙළක්

අප්‍රේ 04, 2020

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි.

    ඒ අනුව ,

    තම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඇති නිවෙස්වලින් ජන සංචරණය අවශ්‍ය නොවන නිවෙස් හඳුනා ගැනීම හා එම නිවැසියන් සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කරනවා දැයි සොයා බැලීම.

    ආහාර නිෂ්පාදනය කරන පිරිස් හඳුනා ගැනීම

    නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය

    නිෂ්පාදන මිලදී ගැනීම

    සලාක වශයෙන් ද්‍රව්‍ය සකස් කිරීම

    නිවෙස්වලට බඩුබාහිරාදිය බෙදාදීම

    අඩුපාඩු පිළිබඳ පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක්

    අනපේක්ෂිත සිද්ධි වාර්තාකරණය හා කලමනාකරණය සඳහා ක්‍රමවේද සකස් කිරීම යන ශිර්ෂ යටතේ එම සංගමය මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.

    එමෙන්ම මෙය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් සකස් විය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ නිර්දේශයයි..

    Latest News