දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්න – මැතිවරණ කොමිසම

අප්‍රේ 04, 2020

    ආපදා තත්ත්වය පත්ව ඇති ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් දැනුම් දෙන්නේය.

    දේශපාලනඥයින් සුළු පිරිසක් ඡායාරූප පලකරමින් සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිත කර දේශපාලනමය වාසියක් ලබාගැනීමට කටයුතු කර ඇතැයි නිරීක්ෂණය වන බව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    එවැනි ක්‍රියා යෝග්‍ය නොවන බව කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

    Latest News