තවත් COVID-19 වෛරසය ආසාදිත රෝගීයකු අද(05) හදුනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
COVID-19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙකි. තවත් රෝගීන් 133 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි. වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 273 කි.