සවස 4වන විට මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 170ක්

අප්‍රේ 05, 2020

    මෙරටින් වාර්තා වන COVID-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.

    COVID-19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 05 දෙනෙකි.

    තවත් රෝගීන් 136 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි. වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 259 කි.

    Latest News