කොරෝනා මඩින්න ශ්‍රී ලාංකික නව නිපැයුම් (වීඩියෝ)

අප්‍රේ 05, 2020
  • කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට ශ්‍රී ලාංකික නව නිපයුම්කරුවෝ විවිධ උපකරණ නිපදවීමට සමත්වෙති

    මේ එවැනි නිර්මාණ කිහිපයක් පිළිබඳවයි.

    රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා සහය ලබාදෙන රොබෝ යන්ත්‍රයක් මාස් ඉන්ටිමේට් ආයතනයේ ඉංජිනේරුවරයෙකු වන මදුර දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය නිපදවා තිබේ. එය වැලිකන්ද කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර රෝහලට අද පිරිනැමිණ. රෝගීන්ට අවශ්‍ය ඖෂධ ආහාර, සෞඛ්‍ය උපදෙස් ඇතුලත් කාර්ය පත්‍රිකා ලබාදීමට ද මෙම රොබෝ යන්ත්‍රයට හැකිය.

    කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක් නිපදවීමට වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමත්ව තිබේ. ඉවතලන ද්‍රව්‍ය සහ නිවසේ තිබූ ද්‍රව්‍ය කිහිපයක් උපයෝගී කරගෙන ඔහු මෙම යන්ත්‍රය නිපදවීම විශේෂත්වයක්. රුපියල් 15ස් දහසක පමණ මුදලකට එය මෙරටදී නිපදවීමට හැකි බව, ඔහු පවසයි.

    විෂබීජානුහරණය කිරීමේ තවත් යන්ත්‍රයක් නිර්මාණය කිරීමට ගම්පහ සමූපකාර රෝහලේ වෛද්‍ය එබ්.ඒ. නුවන් කුමාර මහතා සමත් විය. දෑත් ජලයෙන් සේදීමකින් තොරව පිරිසිදු කරගැනීම මෙහි විශේෂත්වයක්. මෙමගින් විෂබීජානුහරණ දියර අඩු ප්‍රමාණයක් භාවිත කෙරෙන නිසා වැයවන අධික මුදල් මෙමගින් අඩු කරගැනීමේ හැකියාව පවතින බව නිර්මාණකරු පවසයි.

    කන්තලේ මූලික රෝහලේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය, විෂබීජානුහරණය කිරීමේ නව යන්ත්‍රයක් සහ අත් සේදීමේ යන්ත්‍ර 15ක් නිපදවා තිබේ. මීට අමතරව මුඛ ආවරණ සහ ආරක්‍ෂිත ඇඳුම් කට්ටල නිෂ්පාදනය ද මේ දිනවල අරඹා ඇති බව, රෝහලේ වැඩ මූලික නිලධාරී ජීව වෛද්‍ය ඉංජිනේරු එන්.ඒ.ඩී.පී. කුමාරනායක මහතා පවසයි.

    Latest News