COVID-19 අසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ 06වන මරණය වාර්තා වේ

අප්‍රේ 07, 2020

    COVID-19 අසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 06වන මරණය අද(07) වාර්තා වේ.


    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඒ බව තහවුරු කළ අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි.

    මෙම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහු දෙහිවල පදිංචිකරුවෙකි. ඒ අනුව මේ වන විට COVID-19 රෝගය වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 178 ක් වන අතර මි ය ගිය සංඛ්‍යාව 6කි.

    38 දෙනෙකු සුව වී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් රෝගීන් 134 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි. වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 257 කි.

    Last modified on අඟහරුවාදා, 07 අප්‍රේල් 2020 10:49

    Latest News