COVID-19 වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 180ක් වෙයි

අප්‍රේ 07, 2020

    COVID-19 රෝගය වැළඳුනු මෙරට රෝගීන් සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    COVID-19 අසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 06වන මරණය අද(07) වාර්තා විය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඒ බව තහවුරු කළ අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 80ක දෙහිවල පදිංචි පිරිමි පුද්ගලයෙකි.

    මෙම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

    මේවන විට 38 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 06 දෙනෙකි.

    තවත් රෝගීන් 136 දෙනෙකු මෙවනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි. වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පිරිස 257 කි.

    Latest News