ඇමති මණ්ඩලය ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙයි

දෙසැ 20, 2018

    නව කැබිනට් මණ්ඩලය අද උදේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

    ඊයේ සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්විය.
    එහි දී නව කැබිනට් මණ්ඩලය උපරිම තිහේ සීමාවට යටත් විය යුතු බවත්, එම ප්‍රමාණයට වඩා කැබිනට් මණ්ඩලය වැඩි කරන්නේ නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවත්, සාකච්ජා කෙරුණු බව, ආරංචි මාර්ග පවසයි. ඒ අනූව, අද දින එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු පමණක් නව අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතයි.

    Latest News