දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළයුතුය. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයක් තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්රිමක්ක බල ප්‍රදේශය තුළත් සහ මහ පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්යයක්ෂ ජනරාල්, ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
මේ වන විට මෙට්ට්රිරක් ටොන් මිලියන 03කට ආසන්න වී අස්වැන්නක් ලැබී තිබේ. එයින් 2/3 ක ප්රසමාණයක් සහල් තොග වශයෙන් පවතී. එහෙයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවිම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවයට දැඩි අවදානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දන්වා සිටී.
එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක් කර ඔවුන්ගේ නිවෙස් වලටම භාණ්ඩ ලබාදීමේ කාර්ය භාරයේ නිරත මේ මොහොත් දැඩි අවධානයක් සහ ප්රගමුඛතාවක් දී කටයුතු කරන ලෙස ලේකම්වරයා දැනුම් දෙයි.
ඔසු සල, ඖෂධ හල් (Pharmacy) බැංකු සේවා ද තවදුරටත් අත්යා වශ්යද සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලැබේ.