අලුත් අවුරුද්ද තම පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරන්න; ත්‍රිවිධ හමුදාව (වීඩියෝ)

අප්‍රේ 11, 2020
  • සිංහල, දෙමළ අලුත් අවුරුද්ද නිවසේ සිට තම පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කරගනිමින් සමරන ලෙස ත්‍රිවිධ හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    තම සාමාජිකයින් දිවි පරදුවට තබා මෙහෙවරක නිරතව සිටින අවස්ථාවේ රට වෙනුවෙන් මෙම වගකීම ඉටු කරන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා - යුද හමුදාපති

     

    සිංහල, දෙමළ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටත්, ඔබගේ පවුල්වල සාමාජිකයන්ට සහ ඥාතීන්ට එක්ව සැමරීමේ අවස්ථාව පසෙකලා, ඔබගේත්, මගේත්, රටේත්, මහජනතාවගේත්, ආරක්‍ෂාවට ඔබ කරන්නා වු මේ මෙහෙවර අගය කොට සලකනවා. රටේ පවතින තත්වය තේරුම් ගනිමින් නීතියට ගරු කර, සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ඔබගෙන් ඉටුවිය යුතු යුතුකම පෙරදැරි කරගනිමින් ඔබගේ පවුල්වල සාමාජිකයින් එක්ක පමණක් අලුත් අවුරුද්ද සමරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා“ යැයි යුද හමුදාපති පැවසීය.

    වයිස් අද්මිරාල් පියල් ද සිල්වා - නාවික හමුදාපති

    Navy px 900 04 11 20

    “රජය සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු බොහෝ පිරිසක් කොවිඩ් 19 මෙරටින් තුරන් කිරීමට එකාමෙන් අත්වැල් බැඳගෙන සිටිනවා. අප සියලු දෙනා අපගේ ආදරණියන්ගෙන් වෙන්ව, නිවෙස්වලින් බැහැරව සියලු දෙනා රට වෙනුවෙන් අපගේ වගකීම ඉෂ්ට කරමින්, කොවිඩ් 19 පොදු සතුරා මර්දනය කර සුරක්‍ෂිත නිරෝගිමත් දේශයක් ඇති කිරිමට කැපවී සිටිනවා. අපි වගකීමෙන් මේ අලුත් අවුරුද්ද සමරමු. මෙය සියලු ශ්‍රී ලාංකිකයින්ට අලුත් අවුරුද්දක් කරමු“ යැයි නාවික හමුදාපතිතුමා පැවසීය.

    එයාර් මාර්ෂල් සුමංගල ඩයස් - ගුවන් හමුදාපති.

    Air foce px 900 11 04 20

    “මෙම කාලවකවානුව තුළ අපි මුහුණ දී ඇති අභියෝගාත්මක තත්වය හමුවේ මෙවර අලුත් අවුරුද්ද සැමරීමට සිදුවී ඇත්තේ ඔබගේ පවුලේ ආසන්නතම සාමාජිකයින් සමඟය. ඔබ පවුලේ අය සමඟ පමණක් අලුත් අවුරුද්ද අවස්ථාවට උචිත අන්දමින් සමරණ ලෙස ඉල්ලා සිටිමි“ යැයි ගුවන් හමුදාපතිවරයා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 11 අප්‍රේල් 2020 20:08

    Latest News