මෙරට COVID-19 ආසාදිතයින් 198 දක්වා ඉහළට (වීඩියෝ)

අප්‍රේ 11, 2020
  • COVID-19 වෛරසය ආසාදිතව මෙරටින් හඳුනාගැනුණු රෝගීන් සංඛ්‍යාව 198 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ සඳහන් කරයි.

    ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි. මේ වන විට COVID-19 වෛරසය ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගණන 137කි. තවද වෛරස ආසාදිතයින් 54 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව ‍සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එමෙන්ම 165 දෙනෙකු සෞඛ්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

    කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මෙරට පුද්ගලයින් 7 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 11 අප්‍රේල් 2020 20:39

    Latest News