මෙරට දිස්ත්‍රික්ක 14ක කොවිඩ් 19 ආසාදිතයින් (වීඩියෝ)

අප්‍රේ 11, 2020
  • මෙරටින් තහවුරු වූ වැඩිම කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, කොළඹ, පුත්තලම, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින්.

    රෝගීන් හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 14ක්.

    ඊයේ රෝගීන් 07 දෙනෙකු මෙරටින් වාර්තා විය. තහවුරු වූ රෝගීන් සියලු දෙනා, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කිසිදු රෝග ලක්‍ෂණයක් පෙන්වා නැතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකු මීට පෙර දෙහිවල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයාගේ සමීපතමයෙක්. ජා-ඇල, පමුණුගම ප්‍රදේශයේදී කොවිඩ් 19 වැළඳුණු පුද්ගලයෙකු සොයා ගැණින. ඔහු ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්. ඊයේ තහවුරු වූ පුද්ගලයාගෙන් ඉතිරි හය දෙනා එම පුද්ගලයාගේ සමීපතමයන් බව වාර්තාවේ. ඒ අතර, පළමුව සොයා ගැනුණු රෝගියාගේ බිරිඳ ද වේ.

    පසුගිය නව වැනිදා එම පුද්ගලයා ආශ්‍රය කළ එම ප්‍රදේශයේම ස්වයං නිරෝධායනය මග හරිමින් සිටි පිරිසක් නාවික හමුදා බාරයට ගැණින. 28 දෙනෙකු එම පිරිසට අයත්. පසුව ඔවුන් ඔලුවිල් ප්‍රදේශයේ ස්ථාපනය කෙරුණු නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබීය. සමීප ආශ්‍රිතයන් පරීක්‍ෂාවට ලක් කිරීමේ පදනම මත ඊයේ එම පුද්ගලයන්ව පරීක්‍ෂාවට ලක් කෙරිණ. එහිදී තහවුරු වී ඇත්තේ ඔවුන්ගෙන් පස් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවයි. ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ 28 දෙනාගේ සමීපතමයන් 52 දෙනෙකු අද එම නිරෝධයන මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 11 අප්‍රේල් 2020 20:55

    Latest News