දිවයිනට ඒමට බලා සිටින ලාංකිකයන්ට මොකද වෙන්නේ?

අප්‍රේ 15, 2020

    කොවිඩ් - 19 වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්වීමත් සමඟ ‍ලොව බොහෝ රටවල් සිය සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඒ අනුව පසුගිය මාර්තු මස 19 වැනි දින සිට නැව් මගින් හෝ ගුවන් මගින් කිසිදු මගියකුට රට තුළට ඇතුලුවීමට නොහැකියි.

    කොවිඩ් - 19 ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්වය හේතුවෙන් තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍යය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින ආදි විදෙස් රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රජයෙන් ඉල්ලා තිබේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු පැහැදිලි කරමින් ඉන්දියාවේ විශ්ව විද්‍යාලයන් හී උසස් අධ්‍යාපනය ලබමින් සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ද ඒ අතර වේ.

    මේ වනවිට ඉන්දියාවේ 600 කට වැඩි ලාංකික සිසුන් පිරිසක් උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටී.

    මේ අතර විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබා ගැනීමට රජයේ වියදමින් බ්‍රිතාන්‍යයට ගොස් සිටින ලාංකික වෛද්‍යවරුන් 85 දෙනෙකු ද තමන්ව නැවත දිවයිනට ගෙන්වා ගන්නා ලෙසට ඉල්ලා ඇත.

    එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඇතැම් ශ්‍රමික පිරිස් මාසයකට ආසන්න කාලයක සිට නේවාසිකාගාර තුළ සිටී.

    කොරෝනා වසංගතටෙන් බේරීම සදහා මාලදිවයිනේ සියලු දූපත් හි පිහිටි සංචාරක හෝටල් සහ නිකේතන වසා දමා තිබෙන අතර මේ හේතු⁣වෙන් එම ස්ථාන වල සේවය කල ලාංකික ශ්‍රමිකයින් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි මාලදිවයිනේ සිටින ලාංකිකයෝ පෙන්වා දෙති.

    මේ අතර කන්ටෑක්ට් ශ්‍රී ලංකා හී ලාංකිකයින් 55,000 ක් මේ වනවිට ලියාපදිංචි වී සිටී.

    රජය ඉදිරියේදී මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් පසුවේ.

    Latest News