මිහිපිට දෙවිවරු ජෛව සාම්පල පරීක්ෂණ උපකරණත් නිෂ්පාදනය කරයි

අප්‍රේ 15, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයින්ගේ ජෛව සාම්පල ලබා ගැනීමට භාවිත කරන උපකරණ, මෙරටදීම නිෂ්පාදනය කිරීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

    එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටින්නේ, රටේ අවශ්‍යතාව අනුව විවිධ අවස්ථාවලදී ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය විවිධ වෛද්‍ය පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය කර ඇති බවයි.

    ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය එන්නත් වර්ග, සේලයින් ආදිය නිෂ්පාදනය කළ ආයතනයක් බවද එහු කියා සිටී.

    Last modified on බදාදා, 15 අප්‍රේල් 2020 14:08

    Latest News