නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 220ක් නිවෙස් වෙත (වීඩියෝ)

අප්‍රේ 17, 2020
  • සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ පුද්ගලයන් 220 දෙනෙක් නිවෙස් බලා පිටව යති.

    ඔවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය යෙත යොමුකර සිටි පුද්ගලයින්. ඔවුන් දින 21ක නිරෝධායනය සඳහා යොමු කර තිබේ. ඔවුන් දෙහිවල, කොළඹ, ගුණසිංහපුර ආදී ප්‍රදේශවල සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ පුද්ගලයින් බව වාර්තාවේ.

    මරදාන ඉමාමුල් අරුස් මාවතේ පුද්ගලයන් 314 දෙනෙකු දින 14කට පෙර පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණ. ඔවුන්ගෙන් 212 දෙනෙකු සිය නිරෝධායන කාලසීමාව අවසන් කර නැවත එම ප්‍රදේශයටම පැමිණියේය. ඔවුන් එහි පැමිණිමට ප්‍රථම අදාළ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විෂබීජානුහරණය කිරීම ද සිදු කෙරිණ. එම ප්‍රදේශයෙන් මෙරට තුළ සිදුවූ තුන්වන කොවිඩ් 19 මරණය වාර්තා විය. ඔහු සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී තිබූ අතර, ඉන් තිදෙනෙකු සම්පූර්ණ සුවය ලබා යළි සිය නිවෙස් වෙතම මේ වනවිට පැමිණ තිබේ.

    පසුගියදා සිට බේරුවල, චීන කොටුව, පන්නිල යන ප්‍රදේශ හුදෙකලා ප්‍රදේශ බවට පත්කර තිබේ. එම ප්‍රදේශවලට සෞඛ්‍ය ආරක්‍ෂිතව මේ වනවිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයනු දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසිය. ඒ පොලිසිය, යුද හමුදාව, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ.

    කොළඹ, ග්‍රෑන්පාස් ප්‍රදේශයට සහ තොටළඟ ප්‍රදේශයට ආසන්න නාගලගම්වීිදිය ප්‍රදේශය ඊයේ හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කෙරිණ.

    Latest News