කොවිඩ්-19 ආසාදිත ගැබිණි මව බිහිකළ බිළිඳා මියයයි

අප්‍රේ 24, 2020

    කොවිඩ්-19 වෛරසය ආසාදිතව කොළඹ ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කළ ගැබිණි මව බිහිකළ බිළිඳා මියගොස් තිබේ.

    ඇය මෙරටින් හමුවූ 415 වැනි කොරෝනා ආසාදිතයා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අද කොරෝනා වෛරසය ආසාදිත 47 දෙනෙකු සොයා ගෙන තිබේ. ඉන් රෝගීන් 11 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතෙන් නිරෝධායනයට ලක්කර සිටි පිරිසක්.

    30 දෙනෙකු සොයා ගනු ලැබුවේ, වැලිසර නාවික කඳවුරෙන්. 05 දෙනෙකු නිවාඩු ලබාගොස් සිටින නාවිකයින්. අනෙක් රෝගියා කොළඹ ද සොයිසා කාන්තා රෝහලට ඇතුලත් කළ මරදාන ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාව බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

    Latest News